Header Ads

                                              Worren Buffet


Warren Buffet

Born – 30th of August 1930

Buffett was born in Omaha, Nebraska

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              


Is an American investor, business tycoon, philanthropist and the chairman and CEO of Berkshire Hathaway.

        ඔහුගේ කුඩා කාලයේදී ඇමෙරිකාව පත්ව තිබූ විශාල ආර්ථික අවපාතය නිසා ඔහුට කුරිරු යථාර්තයකට මුහුණ දීමට සිදු වූ බැවින් එනිසා මොහු මුදල් වල නියම වටිනාකම තේරුම් ගෙන මුදල් වලට ඇලුම් කළේය. එහිදී එම කාලයේ ඇමෙරිකාවේ තිබූ ආර්ථික අවපාතයේ හස්තයට ඔහුගේ පවුලද හසු විය. එමෙන්ම එහිදී ඔවුන් ඉතිරි කිරීම් කරපු බැංකුව පවාද වසා දැමීමට සිදු විය. එම වනවිට Worren ගේ වයස අවුරුද්දක්වත් පිරී නොතිබුණි.

 මොහු එක දවසක් රාත්රියේ කෑම මේසයේදී ප්රකාශ කරනවා තමන්ගේ පලමු ඩොලර් මිලියනය වයස අවුරුදු 35 දී උපයන බව”. එහෙම කිරීමට නොහැකි වුවහොත් ඔමහ වල තිබෙන උසම ගොඩනැගිල්ලෙන් බිමට පනින බව  ඔහු ප්රකාශ කල සිටියේය.

         අංක ගණිතයට සුවිශේෂී හැකියාවක් මෙන්ම බෙහෙවින් කැමැත්තක් දැක් වූ හෙයින් එම නිසා රටා හදුනා ගැනීමටද ඔහු පෙළබුනේය. එක දවසක් ඔහු ගේම් එකක් හැටියට පාරට ගොස් පාරේ ගමන් කරන වාහන වල අංක තහඩු වල තිබෙන අංක ලියා ගෙන වැඩිපුරම පාරේ ගමන් කරන්නේ මොන අංක තිබෙන වාහනද කියා ඔහු සොයා බැලුවේයමෙය ඔහු සතියක් පුරාවට සිදු කලේය.

         Worren ගේ වයස අවුරුදු 13 ක් වෙද්දී ඇමෙරිකාවේ පැවති ආර්ථික අවපාතය නිම වී දැඩි පිබිදීමක් වන්නට විය. ඔහුගේ  පලමු රැකියාව බවට පත්වුයේ පත්තර බෙදන එකය. එහෙත් පත්තර බෙදන එකට අමතරව magazine බෙදන්නට විය. එයින් ඔහුට මාසිකව $ 175 අදායමක් ලැබුණි. ඉන්පසුව අවුරුදු 15 දී අක්කර 40  ගොවිපලක්  මිලට ගෙන එහි සේවකයන් යොදවනු ලැබීය.

         

                     මුලින්ම Worren Buffet කීර්තිමත් හාවඩ් ව්‍යාපාර පාසලට අයදුම් කලද එහිදී ඔහුව ප්‍රතික්ෂේප විය. ඉන්පසුව තරුණ Worren කොලොම්බියානු ව්‍යාපාරික පාසලට ඉල්ලුම් කලහ. එම පාසලෙන් ඔහුව බදවා ගනු ලැබීය. එම පාසලට ඔහු ඇතුලත් වීමෙන් ඔහුට හොද අවස්තාවක් ලැබුණි. එහිදී ඔහුට ලැබුන අවස්තාව නම්, කීර්තිමත් Value Invester කෙනෙක් විදිහට පිලිගැනෙන Benjamin Graham යටතේ ඉගෙන ගැනීමටය. එහිදී ඔහු Benjamin Graham විසින් පුරෝගාමී වූ Value Investing පිළිබඳ සංකල්පය වටා සිය ආයෝජන දර්ශනය සකස් කළේය.  

         ඔහු ව්යාපාරික පාසලට යාම සදහා New York වලට පැමිණියේය. ව්යාපාරික පාසලේ අධ්යාපනය ලබන අතරතුර තමන්ගේ වියදම් පියවා ගැනීමේ අරමුණින් ආදායම් මාර්ගයක් හැටියට පරණ පුරුදු රස්සාව වන පත්තර බෙදීම නැවත පටන් ගත්තේය.  අතරම Pin Ball Machine කිහිපයකට මුදල් ආයෝජනය කර ඒවා බාබර් සාප්පු අසල තැබුවේය. එම Pin Ball Machine වලට මුදල් ආයෝජනයෙන් තරුණ Worren ව්‍යාපාරයක් පිළිබද ප්‍රයෝගික දැනුම ලබා ගත්තේය. ඔහු තම තරුණ කාලය තුළ ව්යාපාර හා ආයෝජන කෙරෙහි උනන්දුවක් ඇති කළේය.

         උපාධිය ලබා ගෙන නැවත ඔමහා වලට පැමිණියේය. එහිදී ඔහුට ඔහුගේ පළමු ගුරුවරයා මෙන්ම උපදේශකයාද වූ Benjamin Graham  මුන ගැසුණිBenjamin Graham  විසින් 1954 දී Worren  ආයෝජන විකුණුම් සහ සුරැකුම්පත් විශ්ලේෂකයෙකු ලෙස රැකියාවක් ලබා දුන්හ.

ඔහු කරපු හොදම ආයෝජනය වුයේ සන්නිවේදන කුසලතාවය වෙනුවෙන් වයස අවුරුදු 20 දී $ 100  ආයෝජනයක් කරපු එකය.

 දවසක් මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අහනවා “ඔබ මෙච්චර ධනවත් පුද්ගලයෙක් වෙලත් ඇයි ඔබව කවුරුත් copy කරන්නේ නැත්තේ”  එතකොට ඔහු දෙන පිළිතුර තමයි, “හිමින් දියුණු වෙන්න කවුරුත් කැමති නැහැ. එකයි කවුරුත් මාව copy කරන්නේ නැත්තේ”.

මොහු ලොව ජනප්‍රිය අයෝජකයාද වේ. ඔහුගේ සම්පූර්ණ වත්කමින් 94% ක්ම ඔහු උපයනු ලබන්නේ වයස අවුරුදු 60 කට පසුවය. ඔහුට වයස අවුරුදු 52 දී ඔහුගේ වත්කම වූයේ $376 million.


ඔහුට අනුව මේ ලෝකයේ හොදම ආයෝජනය ඔබ ඔබ තුල කරන ආයෝජනයි.

                    (The more you learn, The more you earn)

 

👉👉ඔබ ඔබගේ මනස සහ ශරීරය පිළිබදව අවධානය යොමු කරන්න.👈👈


              💚 Price is what you pay 💚

                                                                💚 Value is what you get 💚

 





ඔහු
 ලෝකයේ වඩාත්ම සාර්ථක ආයෝජකයෙකු ලෙස සැලකෙන අතර 2021 අප්‍රේල්  වන විට ඩොලර් බිලියන 100.6 කට අධික වත්කමක් ඇති ඔහු ලොව හයවන ධනවත්ම පුද්ගලයා බවට පත්විය.









No comments

Powered by Blogger.